ගබ්සාවීම සහ ගබ්සා කිරීම ගැන ඔබ දන්නවාද? ගබ්සා වීමට හේතු ගැන ඔබ දන්නවාද?

ගබ්සා වීම ගැන කතා කරන විට අප තුළ අනිසි බියක් එකවර ඇතිවන්නට පුළුවන්. ඒත් හානි වූ කලලයක් ස්වාභාවිකව වරණය කිරීමක් සිදුවන බැවින් මෙහිදී කාන්තාවන් බොහෝ කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
ගබ්සාවීමක් යනු
සති 28කට වඩා අඩු කලලයක් හානි වී ස්වාභාවිකවම එය ඉවත් වීම ගබ්සාවක් ලෙස හඳුනා ගනියි. බටහිර රටවල නම් මෙය පිළිගැනෙන්නේ සති 24ට අඩු කලලයකට හානි වීමක් ලෙසයි. ගැබ්ගෙන මුල් කාලයේ හෝ පසු කාලයේ වුවත් මෙවැන්නක් සිදුවිය හැකියි. රෝගී හෝ අංගවිකල වැනි දුර්වලතා සහිත දරුවකු උපත ලැබීම ස්වාභාවිකවම වැළැක්වීමක් මින් සිදුවෙයි.
කලලයක් සෑදීමේ ගැටලූ
මවු කුස තුළ කලලයක් නිර්මාණය වීමට ඩිම්බ කෝෂ හා ශුක්‍රාණු එක්වීම සිදුවිය යුතුයි. එලෙස එක්වීමේදී ඇතිවන ගැටලූද ගබ්සා වීමට බලපෑ හැකියි. එහිදී එක්වන වර්ණදේහවල සංඛ්‍යාවේ හෝ රටාවේ අඩු වැඩි වීමක් නිසා දරුවකු බිහි නොවීමට හෝ ගබ්සා වීමට හේතු විය හැකියි.
ගබ්සා වීමට හේතු
·         ජාන හා වර්ණදේහවල ගැටලූ.
·         දියවැඩියාව, අධික රුධිර පීඩනය, අපස්මාරය හා තයිරොක්සින් අඩු වැඩි වීම වැනි නිදන්ගත රෝග තිබීම.
·         රුධිරය කැටි නොගැසෙන දුර්වලතා ඇති අයට නිර්දේශ කරන වොෆරින් වැනි ඖෂධ ගැනීම.
·         ගැබ් ගත් මුල් කාලයේ වැලක්‍ෂෙන වෛරස් ආසාදන.
·         ගැබ් ගත් මුල් මාස කිහිපයේ විවිධ කිරණවලට නිරාවරණය වීම.
·         ශරීරයේ ඇතිවන හෝර්මෝන අසමතුලිතතාව. (තයිරොක්සින් ඌනතාව)
·         දුම්පානය හා මත්ද්‍රව්‍ය ගැනීම
වැනි හේතූන් ගබ්සා වීමට බලපෑ හැකියි.
ගබ්සා වීම් පිළිබඳ මිථ්‍යා මත
ගබ්සා වීමට බලපාන සමාජයේ පවතින ඇතැම් මතවල කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැත. මේ නිසා එවැනි කාරණා ගැන අනියත බියක් ඇතිකර නොගත යුතුයි.
පැපොල්, අන්නාසි වැනි ආහාර ගැනීමෙන් ඇතිවන බලපෑම හා බයිසිකල්වල හෝ ට්‍රැක්ටර් වැනි ගැස්සීම් ඇතිවන වාහනවල ගමන් කිරීමද එවැනි කාරණා කිහිපයක්. මවට පෙර අවස්ථාවල අසාත්මිකතා ඇතිකළ ආහාරවලින් ඈත්ව සිටීම වඩාත් සුදුසුයි. මේ නිසා ඔබ මේ පිළිබඳව නිසි දැනුවත් බවක් ලබාගත යුතුමයි.
ගබ්සා වීමේ අවදානම
එක් වරක් හෝ දෙවරක් මවකට ගබ්සාවක් වීම එතරම් අවදානම් තත්ත්වයක් නොවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. නමුත් එය තීරණය වන්නේ එම සිදුවීමට බලපාන හේතු සාධක සලකා බැලීමෙන් පසුවයි.
40%ක් මවුවරුන්ට මෙවැනි තත්ත්වයකට මුහුණපෑමට සිදුවිය හැකියි. නමුත් 3 වරක් හෝ ඊට වඩා වැඩි වන්නේ නම් එය වඩාත් සැලකිලිමත් විය යුතු දෙයකි. එවිට ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් උපදෙසක් ලබාගෙන කටයුතු කිරීම වැදගත්ය.
නැවත දරු උපතක් බලාපොරොත්තු වීම
ගබ්සාවක් වූ පසු එය ශරීරයෙන් සම්පූර්ණයෙන් පිරිසුදු කර ඉවත් කළ යුතුමයි. ඉන්පසුව එළෑඹෙන පළමු මාස් ශුද්ධියෙන් පසුව ඔබට නැවැත දරු උපතක් පිළිබඳ සිතීමට පුළුවන. නමුත් ඔබට දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි රෝග උග්‍රව පවතියි නම් රුධිරගත සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමට එන තෙක් පාලනයකින් සිටීම වැදගත්ය. ඇතැම් විට එම රෝග පාලනය කිරීමට සති කිහිපයක් හෝ මාස කිහිපයක් වුවද ගතවිය හැකියි. නමුත් මීට පෙර එවැනි අවදානම් තත්ත්ව පවතියි නම් දරු පිළිසිඳ ගැනීම සුදුසු නොවන්නේ ගබ්සාවක් වීමට ඇති අවදානම වැඩි නිසයි.
පිරිසුදු කිරීමේ අතුරු ආබාධ
ගබ්සාවක් සිදුවුණු පසුව බොහෝ විට එය ස්වාභාවිකව රුධිරය සමග යෝනි මාර්ගයේ පිටව යයි. එවිට එය පිරිසුදු කිරීම අවශ්‍ය නොවෙයි. උදරයෙන් කොටස් ඉතිරිව ඇත්දැයි තහවුරු කර ගැනීමට scan පරීක්ෂණයක් සිදුකළ හැකියි. එසේ නොමැති නම් සුළු සැත්කමකින් එය ඉවත් කළ යුතුයි. නැතිනම් රුධිරය නිතර ගලා යමින් ශරීරයේ රුධිර ඌනතා මතුවන අතරම එහි අතුරු බලපෑමෙන් මරණය පවා සිදුවීමට පුළුවන. නීති විරෝධීව ගබ්සා කිරීම් සිදු කරන ස්ථානවල නිසි ලෙස පිරිසුදු කිරීම සිදු නොවන නිසා එවැනි අවදානම් ඇතිවීම දැකිය හැකියි. පිරිසුදු කිරීමේදී සුළු සැත්කමක් සිදුකරන නිසා නිර්වින්දනය කරයි. නමුත් ඉක්මනින්ම ඔබට ඉන් සුවය ලැබිය හැකියි.


ගබ්සාවීම සහ ගබ්සා කිරීම ගැන ඔබ දන්නවාද? ගබ්සා වීමට හේතු ගැන ඔබ දන්නවාද? ගබ්සාවීම සහ ගබ්සා කිරීම ගැන ඔබ දන්නවාද? ගබ්සා වීමට හේතු ගැන ඔබ දන්නවාද? Reviewed by liyanna on 12:27 AM Rating: 5

No comments:

Powered by Blogger.